ලේකම්තුමියගේ පණිවුඩය

ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති යුගයක  එයට සරිලන පරිදි කොළොන්නාව නගර සභා බල ප්‍ර‍දේශයේ ජීවත් වන ජනතාව වෙනුවෙන් කාර්යක්ෂම සේවාවක් සැපයීම සදහ‍ා කොළොන්නාව නගර සභාව විසින් අරඔනලද වෙබ් අඩවිය මහගු පිටුවහලක් වනු ඇත.    වර්තමානයේ   කාලය  ප්‍රධානතම සම්පතක් ලෙස සැලකෙන අතර ජනතාවගේ කාලය හා ශ්‍රමය අවම වන පරිදි නගර සභාවේ කාර්යභාරය “ ඊ ”  තාක්ෂණය යොදා ගනිමින් වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරමි.

 

තවද ජනතාවට තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාවය සදහා ද මෙමගින් අවස්ථාව හිමිවනු ඇත.

එච්.එම්.නෙලුම් කුමාරි,
ලේකම්,
කොළොන්නාව නගර සභාව.